හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි
දෝන ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909.12.18 දින ජන්මලාභ ලැබූ සමරවීර සකලසූරිය ලාබාල වියේදීම මුඪගමුවේ මාහිමියන් හට භාර කෙරුණි. සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්වැල්ලේ ශ්‍රී ඥාානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.
හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි
සකලසූරිය කුමරා අධ්‍යාපන විෂයෙහි මහත් කුසලතා දැක්වූවෙකි.මේ කාලයේ
දක්‍ෂතම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනයට අතහිත දීමට පිහිටුවා තිබූ
“බෙන්හැම්” ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරුනු එකම ශිෂ්‍යයා
වූයේ මොහුය. එහෙත් තමාට ලැබුණු එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයෙන්
අවසන් වන එම ශිෂ්‍යත්වයට කැමැත්තක් නොදැක්වූ සමරවීර සකලසූරිය ශිෂ්‍යයා
1919.01.18 වන දින හේනේපිටගෙදර ඤාණසීහ නමින් පැවිදිවි බලගල්ලේ සරස්වතී
පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ
දක්‍ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක හා මධ්‍යම පරීක්‍ෂණවලදී
විශිෂ්ටතා පළ කරමින් 1939 අවසාන විභාගයේ දී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව
සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනාගැනීමට සමත්විය.අනතුරුව බලගල්ල සරස්වතී
පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිටියදී තම මව්බිමේ උන්නතිය වෙනුවෙන්
හා ශාසනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය බලගල්ලට පැමිණි
භික්ෂූන්වහන්සේලාගේ දෙනෙත් වලට ලක්විය. සරස්වතී පිරිවෙනෙහි ආදි
ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානකැටියේ මූල මහාවිහාරාධිපති එළමල්දෙණියේ
සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් ලැබූ ප්‍රතිචාර නිසා 1934 දී
හේන්පිටගෙදර නාහිමියෝ රත්නපුරයට වැඩම කළහ.
එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම්තීරුව 1934.08.26 දී රත්නපුර
ශ්‍රී සුමන පිරිවෙන බවට පත්විය.ශ්‍රී සුමන මහා විද්‍යාලය,ශ්‍රී සුමන
බාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ, බුළුගහපිටිය ශ්‍රී සුමන
විද්‍යාලය,තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන
විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටිය සාරිපුත්ත පිරිවෙන,
මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය,, සර්වෝදය ප්‍රජා නායකත්ව
භික්‍ෂු පුහුණු ආයතනය ආදි ගිහි පැවිදි අධ්‍යාපන ආයතන තවත් එවැනි ආයතන
ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය දැනට
ජාතික පාසලකි.
ජාතික ප්‍රශ්න වලදී අභිනව අදහස් ප්‍රකාශ කිරීම නිසා රටේම අවධානය
උන්වහන්සේ වෙත යොමු විය.1956 දේශපාලන පෙරලියේ අදෘශ්‍යමාන හස්තයක්
බලවේගයක් වූයේ උන්වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එබැවින් 1960 ගණන්වල
පැවති එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ වසර 4 කට වැඩි කාලයක් සිර ගත වී
සිටින්නට සිදුවිය. ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේගේ මුල්ම කෘතිය වූයේ
1946 දී එළිදැක්වූ “දෙවියෝ” නම් කෘතියයි.පිළිවෙලින් සිංහල මේඝ
දූතය,අභිධර්ම පරික්‍ෂණය සද්ධර්ම ගතකම් , සිංහල රඝු වංශය මහ රහතන්
වහන්සේ, සියබස්ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රය,සිද්ධීවාදය,බෞද්ධ
දර්ශනය සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන ලදී.බන්ධනාගාරගතව සිටි කාලය
තුල දී ගාමිනි ගීත නාම, ජෙට්ඨගාමිනි වර්ග, මහා පැරකුම්බා සිරිත, මිනිසා
සහ ජීවිත පරමාර්ථය ලෝකය , සසර ඛන්දක විනය, කලාව කුමක් පිණිසද, ශූන්‍යතා
දර්ශනය සත්වයා පිරිසුදු වන්නේ කෙසේ ද? හැඩගැසෙන චරිතය, ගැටලු තැන්,
බුද්ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය දර්ශනය, විද්‍යාව සහ බුද්ධාගම උපාධියෙන්
පසු බුද්ධර්මයට,සත්වයා අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු බෞද්ධ සමාජවාදය
සිරකූ®ඩුවක් තුලදි ඇතුලු විශාල පොත් සංඛ්‍යාවක් ලියා රටට පමණක් නොව
මානව වර්ගයා වෙනුවෙන් දායාද කළහ.
සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද
නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියෝ
හා විහාරස්ථදායක සභාව අගෝස්තු 01 වන දින සිට රත්නපුර ශ්‍රී සුමන මහා
පිරිවෙන් විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.
අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් වහන්සේට නිවන්සුව පතමු.